මැවුම්වාදය පළමු වන දිගහැරුම
මැවුම්වාදය පළමු වන දිගහැරුම; පරිනාමවාදයට අනුව මිනිසාව පෘතුවියට ගෙනාවේ මරණයයි.නමුත් මැවුම්වාදයට අනුව මරණය පෘතුවියට ගෙනාවේ මිනිසායි.අපි දැන් මෙහි සත් යයතාවය සොයා බලමු. ඩාවින්ගේ පරිණාමවාදයට අනුව නිරීක්ෂණය තුනක් සහ උපකල්පන දෙකක් ඔහු ඉදිරිපත් කළා එනම්; *ඩාවින් විසින් ගහණයක ජීවීන්ගේ අධික ප්‍රජනන හැකියාව නිරීක්ෂණය කළා.එලෙසම ඩාවින් විසින් ගහණයක විශාලත්වයේ ඇති නොවෙනස් බව නිරීක්ෂණය කළා.තවද ඩාවින් විසින් ගහණයක ජීවීන්ගේ ඇති විවිධත්වය (ප් රභේදන) නීරීක්ෂණය කළා. *ඩාවින් ඉහත නිරීක්ෂණ තුන උපයෝගී කරගෙන උපකල්පන දෙකක් ඉදිරිපත් කළා.එනම්; 01) ජීවත සටන සහ උචිතෝන්නතිය. 02)ස්වභාවික වරණය. *ස්වභාවික පරිසරයේ පවතින සම්පත් සීමාසහිතය.එමනිසා එම සීමාසහිත සම්පත් ලබා ගැනීමට ජීවීන් අතර ඇතිවන තරගය, ජීවත සටන ලෙස හදුන්වනවා.මෙම තරගය අන්ත:විශේෂ හෝ අන්තර් විශේෂ විය හැකිය. *ජීවී ගහණයක උචිත ප්‍රභේදන හා අනුචිත ප්‍රභේදන ඇති ජීවීන් සිටියි.මොහුන් අතරින් අනුචිතයා බොහෝ වෙලාවට ප්‍රජනනයට පෙරම මිය යන නිසා උචිත ජීවීන්ගේ වාසිදායක ලක්ෂණ ගහණයේ ඊළඟ පරම්පරාවට සම්ප් රේෂණය වේ.මෙය උචිතෝන්නතියයි. *කාලය...